ඊශ්‍රායලය විසින් (17) රාත්‍රියේ ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලදී, එරට බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල් කැට්ස් ඊයෙ (18) තහවුරු කර තිබේ.
ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට ඉරානයේ බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර, මියයන විට ඔහු 65 වන වියේ පසුවිය.
ඔහු එම තනතුරට පත් වූ 8 වන පුද්ගලයා ලෙස ද සැලකේ.
මීට පෙර ඊශ්‍රායල ප්‍රහාරයකින්
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය තහවුරු කිරීමෙන් අනතුරුව,
කාතිබ්ගේ ඝාතනය පිළිබඳවද ඊශ්‍රායලය මෙලෙස අනාවරණය කර තිබේ.
එමෙන්ම,
මොජ්ටාබා කමේනි ඇතුළු ඉරානයේ ඉහළ පෙළේ නායකයන් පිළිබඳ තොරතුරු සපයන්නන්ට
ඇමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා මූල්‍ය ත්‍යාග ලබාදීමට
U.S. Department of State පසුගියදා තීරණය කර තිබූ අතර,
එම ලැයිස්තුවට එස්මායිල් කාතිබ්ගේ නමද ඇතුළත්ව තිබුණි.
ඒ අනුව, එම ලැයිස්තුවට ඇතුළත් වූ පුද්ගලයන් අතරින්
දෙනෙකු මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි