Latest News

සමන්ත විද්‍යාරත්නට එරෙහි වන්දි නඩුව මාර්තු 20ට විභාගයට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


තමන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට සහ ස්වාධීන රූපවාහිනී සේවය වෙත එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවරා ඇති වන්දි නඩුව මාර්තු 20 දින කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
2025 ජනවාරි 9 දින පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති අතර, DMR/1467/25 අංකය යටතේ ගොනු කර ඇති පෙත්සම මගින් රුපියල් මිලියන 200ක වන්දි මුදලක් ඉල්ලා තිබේ.
අමාත්‍යවරයා විසින් තණමල්විල ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් පෞද්ගලික වගා බිමක් සම්බන්ධයෙන් ඡායාරූප සහ දර්ශන ප්‍රදර්ශනය කරමින්,
එම භූමිය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්ෂිතයකට අයත් බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේෂ සහගත බව පෙත්සම්කරු පවසයි.
එමෙන්ම,
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන හරහා මෙම ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් තමන්ට දැඩි අගතියක් සිදු වූ බව තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඒ අනුව,
අමාත්‍යවරයාගෙන් රුපියල් මිලියන 100
රූපවාහිනී ආයතනයෙන් රුපියල් මිලියන 100
බැගින් වන්දි ලබාදෙන ලෙසත්,
නඩු පවරන දිනයේ සිට නෛතික පොලියද අය කර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

World News

Send your contact Details Today