ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමට පෙර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ලැරිජානිගේ අභාවය පිළිබඳ පුවත තමන් “දැඩි කනගාටුවෙන්” යුතුව පිළිගන්නා බවත්, ඔහු ඉරාන දේශපාලන හා ආරක්ෂක තන්ත්‍රය තුළ සිටි බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට චරිතයක් ලෙස උත්තරීතර නායකයා ප්‍රකාශ කර ඇත.
මෙවැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන්,
ඉස්ලාමයට විරුද්ධ බලවේග ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම පැහැදිලි වන බවත්,
එය ඉරානය තුළ පවතින ඉස්ලාමීය පද්ධතිය දුර්වල නොකර, තවදුරටත් ශක්තිමත් කරන බවත් ඔහු අවධාරණය කර තිබේ.
“ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන්,
එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වේ.
සෑම ලේ බිඳුවකටම මිලක් තිබේ.
මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට
නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත…”
යනුවෙන් උත්තරීතර නායකයා දැඩි ලෙස ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.