බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන තිබේ.
ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර ඇති බව වාර්තා වේ.
එම විශ්වාසභංග යෝජනාව හෙට (19) දිනයේදී
කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බාල ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් මතුව ඇති වාද විවාද සහ චෝදනා පසුබිම් කරගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.