ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන South Pars / North Dome Gas-Condensate Field සංකීර්ණයේ ඉරානය පාලනය කරන South Pars ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ Islamic Revolutionary Guard Corps සම්බන්ධ ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගිනිගැනීමක් හටගෙන ඇති බවයි.
පර්සියානු බොක්ක තුළ පිහිටා ඇති මෙම ගෑස් නිධිය ලොව විශාලතම ස්වාභාවික ගෑස් සම්පත ලෙස සැලකෙන අතර, එය ඉරානය සහ කටාර් විසින් ඒකාබද්ධව භාවිතා කරනු ලබයි.
සමස්ත භූමි ප්‍රමාණය – වර්ග කිලෝමීටර් 9,700
South Pars (ඉරානය) – වර්ග කිලෝමීටර් 3,700
North Dome (කටාර්) – වර්ග කිලෝමීටර් 6,000
මෙම ගෑස් නිධිය කටාර් රාජ්‍ය ආදායමෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සපයන අතර, 2026 ආරම්භයේදී පමණක් කටාර් විසින් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර තිබේ.
එමෙන්ම ඉරානය ද දිනකට ඝන අඩි බිලියන 2ක පමණ ගෑස් නිෂ්පාදනය කර ඇති නමුත්,
බටහිර සම්බාධක සහ කළමනාකරණ ගැටළු හේතුවෙන් ඔවුන්ගේ උපරිම නිෂ්පාදන ධාරිතාවට ළඟා වීමට නොහැකි වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ වැඩි වශයෙන් ගෑස් සැපයීමේ හැකියාව කටාර් වෙත මාරු වී ඇති බවද විශ්ලේෂකයින් සඳහන් කරයි.