Latest News

ධීවර ප්‍රජාවට ඉන්ධන සැපයීමට නව වැඩපිළිවෙළක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ධීවර ප්‍රජාවට ඉන්ධන සැපයීමට නව වැඩපිළිවෙළක්
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණ අනුව, පවතින තත්ත්වය හමුවේ ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් B. K. කෝලිත කමල් ජිනදාස මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව, බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් හරහා ඉන්ධන නිකුත් කිරීමටත්, යාත්‍රා අධීක්ෂණ පද්ධතිය (VMS) මගින් ගමන් තොරතුරු තහවුරු කරමින් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විධිමත්ව නිකුත් කිරීමටත් පියවර ගන්නා බව සඳහන් වේ.
එක්දින හා කුඩා පන්න යාත්‍රා සඳහා පෙර පැවති ක්‍රමවේදය අනුව ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් සම්පත් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා, ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ. දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින්, දින 5කට වරක් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
ඩෙල්ෆ් දූපත සහ බත්තලංගුණ්ඩුව වැනි දුරස්ථ ප්‍රදේශවල ධීවර ප්‍රජාවට අවශ්‍ය සහය ලබාදීමටද විශේෂ අවධානය යොමු කර තිබේ.
මීට අමතරව, මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා සහ ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව ලබාගත හැකි බවද ලේකම්වරයා සඳහන් කළා.
එසේම රජයේ තීරණය අනුව බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස සලකා, අවම සේවක සංඛ්‍යාවක් යටතේ අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

World News

Send your contact Details Today