Latest News

ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින අයට දැනුම්දීමක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිවාඩු හෝ වෙනත් හේතු මත ඊශ්‍රායලයෙන් පිටත රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා.
එම තීරණය අනුව, පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත නැවත ඇතුළුවීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර, ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළා.
යාවත්කාලීන කරන ලද වීසා වලංගුභාවය ඊශ්‍රායල් ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ පෙන්වනු ලබන අතර, එම කාලසීමාව තුළ ඊශ්‍රායලයට නැවත ඇතුළුවීමට දේශසීමා හරහා අවසර ලැබෙනු ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

World News

Send your contact Details Today