ඇමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝශප් කෙන්ට් ඉරානය තුළ පවතින ඇමෙරිකා–ඊශ්‍රායල යුද්ධයට විරෝධය පළ කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පවතින යුද්ධයට තම හෘද සාක්ෂිය අනුව සහය ලබාදිය නොහැකි බවයි.
ඉරානය විසින් ඇමෙරිකාවට සෘජු හා ආසන්න තර්ජනයක් එල්ල කර නොතිබූ බවත්, එහෙත් ඊශ්‍රායලය සහ ඇමෙරිකාවේ බලවත් දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම යුද ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.