Latest News

නාමල්ගේ විවාහයේ විදුලි බිල් පෙත්සම ජූලි 01ට කැඳවයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කළ විදුලියට අදාළව රුපියල් මිලියන 2කට අධික මුදලක් නියමිත කාලයේදී ගෙවා නොතිබීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 01 වැනිදා විභාගයට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
නීතිඥ විජිත කුමාර විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට සමාගමක් බවට පත්කර ඇති බැවින් එම සමාගම නීතිමය වශයෙන් ඇතුළත් කිරීමට පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ සඳහන් කළේ විදුලිබල මණ්ඩලයට අයත් වගකීම් සහ දේපළ සමාගම් කිහිපයකට පවරා ඇති බවත්, අදාළ විදුලි බිල මේ වනවිට ගෙවා අවසන් කර ඇති බවත්ය.
පෙත්සම්කරු සඳහන් කරන්නේ, සාමාන්‍ය ජනතාවගේ කුඩා වටිනාකම්වල විදුලි බිල් පවා නොගෙවූ විට විදුලිය විසන්ධි කරන අතර, මෙතරම් විශාල මුදලක් කාලය තුළ අයකර නොගැනීම බරපතළ අසාමාන්‍ය තත්ත්වයක් බවයි.
ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම සඳහා පෙත්සම ජූලි 01 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

World News

Send your contact Details Today