Latest News

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කරන ලද නිල නැකැත් සීට්ටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පෙරවරු 09.32ට යෙදී ඇති අතර, පුණ්‍ය කාලය එදින පෙරවරු 03.08 සිට පස්වරු 03.56 දක්වා යෙදී තිබෙනවා.
ආහාර පිසීමේ නැකත පෙරවරු 10.51ටත්, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය පස්වරු 12.06ටත් යෙදී ඇති බව සඳහන්.
හිස තෙල් ගෑමේ නැකත අප්‍රේල් 15 වැනිදා පෙරවරු 06.55ට යෙදී ඇති අතර, හදිසි රාජකාරි සඳහා පිටත්ව යාම අප්‍රේල් 17 වැනිදා පෙරවරු 05.38ට උතුරු දිශාව බලා සුදුසු බව දැක්වෙනවා.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 20 වැනිදා පෙරවරු 06.27ට දකුණ දිශාවට හෝ 06.50ට නැගෙනහිර දිශාවට පිටත්ව යාම සුදුසු බවද සඳහන්.
පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 23 වැනිදා පෙරවරු 09.01ට උතුරු දිශාව බලා යෙදී ඇති අතර, මෙවර නැකැත් සීට්ටුව විද්වත් මණ්ඩලයක පොදු එකඟතාව මත සකස් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

World News

Send your contact Details Today