Latest News

පෞද්ගලික බස් ධාවනය සීමා කිරීමට රජයෙන් ඉල්ලීමක්

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


පෞද්ගලික බස් රථ ගමන්වාර සංඛ්‍යාව සීමා කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ කාර්යාල වේලාවන්, පාසල් කාලසටහන් සහ අත්‍යවශ්‍ය ගමන්වාර සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබාදී, අනෙකුත් ගමන්වාර තාවකාලිකව අඩු කළ යුතු බවයි.
ඒ අනුව අනවශ්‍ය ගමන්වාර අවම කරමින්, විශේෂයෙන් දිවා කාලයේ ධාවනය වන බස් රථ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම නොවුවත් හතරෙන් එකක පමණ අඩු කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා ලෙස රජයට ඉල්ලීමක් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today