Latest News

මර්වින් සිල්වාට එරෙහිව නඩුව යළි විභාගයට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


අයථා ලෙස වත්කම් උපයාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර, අද දිනයේදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ සිදුකරනු ලැබීය.
2010 සිට 2012 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර, නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව දූෂණවිරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

World News

Send your contact Details Today