ඉරානයේ සන්නද්ධ හමුදා බලය සහමුලින්ම විනාශ වී ඇති අතර, එරට ගුවන් ආරක්ෂණ පද්ධති අමෙරිකානු ප්‍රහාර හමුවේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව Fox News සේවය වාර්තා කරයි.
ඉරාන හමුදා හැකියාව දැඩි ලෙස දුර්වල කිරීමට අමෙරිකාව ක්‍රියාත්මක කළ යුද මෙහෙයුම් සාර්ථක වී ඇති බවත්, එම මෙහෙයුම්වල ප්‍රතිඵල ඉතා පැහැදිලිව දැකගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
ඉරානයට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානම්ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, තමා තවමත් යුද්ධය අවසන් බව ප්‍රකාශ කිරීමට සූදානම් නොවූවත්, ඉරාන හමුදාවට සිදුව ඇති හානිය අතිවිශාල බවයි.
Air Force One ගුවන් යානය තුළ සිට මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, මේ අවස්ථාවේ අමෙරිකාව යුද්ධයෙන් ඉවත් වුවහොත්, ඉරානයට තම හමුදා බලය නැවත ගොඩනගා ගැනීමට වසර ගණනාවක් ගතවිය හැකි බවයි.
අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරාන ගුවන් හමුදාව සහ ගුවන් ආරක්ෂණ පද්ධති දැඩි ලෙස විනාශ වී ඇති බවත්, ඒ හේතුවෙන් මේ වන විට ඉරානයට ගුවන් ආරක්ෂාව සපයන හැකියාව ඉතා අඩු වී ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන තාක්ෂණික හැකියාවද බොහෝ පමණින් පහත වැටී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉරානය සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය සතුව එකිනෙකට සමාන අරමුණු පවතින බවත්, දෙරටේ හමුදා අතර මේ සම්බන්ධයෙන් සමීප සම්බන්ධීකරණයක් ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් කියා සි