ඊශ්‍රායලයේ ප්‍රධාන අරමුණ ‘ඉරානයේ බලය දැඩි ලෙස අඩු කිරීම’ වන අතර, මේ හේතුවෙන් ඉරානයට එරෙහි මෙහෙයුම් අවම වශයෙන් තවත් සති තුනක් හෝ දිගු කලක් පැවැත්විය හැකි බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් විදෙස් මාධ්‍යවෙත පවසන්නේ, ඉරානයේ හඳුනාගත් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බවයි. “අපට ඉරානයේ ඉලක්ක දහස් ගණනක් ඉතිරිව තිබෙනවා. එනිසා අවම වශයෙන් තවත් සති තුනක් හෝ ඊට වඩා ප්‍රහාර එල්ල විය හැක” යනුවෙන් ඔහු සඳහන් කළා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කරන්නේ, පෙබරවාරි 28 වනදා ඉරානට එරෙහි මෙහෙයුම ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයේ ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර එල්ල කර ඇති බවයි.
මෙම ප්‍රහාර පිළිබඳ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, හමුදාව කාලසටහනකට සීමා නොවී, ඉලක්ක සපුරා ගැනෙන තෙක් ප්‍රහාර එල්ල කරන බවයි.