Latest News

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 මට්ටමට – WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 මට්ටමට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (16) උදෑසන ඇමරිකානු ඩොලර් 106.50 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වන විට ඩොලර් 103 ක් මට්ටමක ස්ථාවර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ වන විට, ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල 3% කට වඩා වැඩිව ඉහළ ගොස් තිබේ.
තවද, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 98 ක් පවතී. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් දේශපාලනික සහ හමුදාමය තත්ත්වය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරති.

World News

Send your contact Details Today