දෙවුන්දර මුහුදු සීමාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසියකදී මත්ද්‍රව්‍ය පාවාහනය කරමින් සිටි ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස්දෙනෙකු සමග නාවික හමුදාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ දිගුදුර නාවික බලඇණිය විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය යැයි සැක කරන පොහොර උර කිහිපයක් සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස්දෙනා ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, යාත්‍රාව හෙට (16) දින ගොඩබිමට රැගෙන ඒමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.