ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
කටාර් රාජ්‍යයේ අල් අරාබි අල් ජදීඩ් ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ නව නායකවරයා රටේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරමින් සිටින බවයි.
“ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. ඔහු ඉරානයේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා” යැයි අබ්බාස් අරග්චි එහිදී ප්‍රකාශ කර තිබේ.