Latest News

හිටපු කතානායක අසෝක සපුමල් රන්වලට වරෙන්තු

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයට පෙනී නොසිටි හිටපු කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම සිද්ධිය ඉකුත් 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නොපෙනී සිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. සපුගස්කන්ද පොලිස් ස්ථානයේ රථවාහන අංශය විසින් චෝදනා පත්‍රයක් අධිකරණයට ගොනු කර ඇත.
අදාළ චෝදනා අතර, රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම, බරපතල හා සුලු තුවාල සිදු කිරීම, සහ ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කිරීම ඇතුළත්ය. රිය අනතුරේදී මෝටර් රථයේ ගමන් කළ මව, මාස හතක් වයසැති දරුවා සහ දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා.
අධිකරණය මෙම නඩුවේ වැඩිදුර කැඳවීම 2026 ජුලි 10 වන දිනට කල් තැබීමට නියම කළ අතර, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්නගේ උපදෙස් යටතේ රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක ටී.එම්. ජී. තෙන්නකෝන්, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද සහ පොලිස් කොස්තාපල් ජයසිංහ මෙම පැමිණිල්ල මෙහෙය විය.

World News

Send your contact Details Today