CNN වාර්තා කරන පරිදි, ඉරානය සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දීමට සලකා බලමින් සිටින අතර, එම ගනුදෙනු චීන යුවාන් මුදලින් පමණක් සිදු විය යුතු බවට නියම කරනු ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත.
මෙම සැලැස්ම ඉරානය විසින් හෝමූස් සමුද්‍රය හරහා නෞකා ගමනාගමනය කළමනාකරණය කිරීමට සකස් කරමින් තිබෙන නව ප්‍රතිපත්තියක් යටතේ සැලසුම් කරන බවද මූලාශ්‍රය වැඩිදුරටත් පෙන්වා දක්වයි.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තෙල් වෙළඳාම ඇමෙරිකානු ඩොලර් මුදලින් සිදු වන අතර, රුසියානු තෙල් පමණක් විශේෂ අවස්ථාවල රූබල් හෝ යුවාන් මගින් වෙළඳාම් සිදු කරනු ලබනවා.