Latest News

මැක්‍රොන් මැදිහත්වීමෙන් සටන් විරාමයට උත්සාහ

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මූලිකත්වයෙන්, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් සමථයකට පත් කර ගැනීම සඳහා පැරිස් නුවරදී සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට ප්‍රංශය සූදානම් බව ප්‍රකාශ කර තිබේ.
සිය X ගිණුම හරහා අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය සිකුරාදා ලෙබනන ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පාර්ලිමේන්තු කතානායකවරයා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඊශ්‍රායලය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට ඔවුන් එකඟතාව පළ කළ බවයි.
එමෙන්ම, ඊශ්‍රායලය විසින් දියත් කර ඇති ගුවන් ප්‍රහාර සහ දැවැන්ත හමුදා මෙහෙයුම් වහා නතර කළ යුතු බවත්, හිස්බුල්ලා සංවිධානයටද ගැටුම තවදුරටත් උත්සන්න කරන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටින ලෙස ඉල්ලා තිබේ.
සටන් විරාමයක් ප්‍රකාශ කර සාකච්ඡා ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීමත්, කල්පවත්නා විසඳුමකට එළඹීමත්, ලෙබනනයේ ස්වෛරීභාවය සුරැකීමට අවශ්‍ය පියවර ගැනීමට ඉඩ ලබාදීමත් සඳහා ඊශ්‍රායලය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today