Latest News

ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයට පිළිතුරක් දෙනවා – හතාමි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියන් සාගරයේදී ඉරානයට අයත් අතිනවීන යුද නෞකාවක් වන IRIS Dena ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් එහි සිටි නාවික භටයින් 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දක්වන බව ඉරාන හමුදාපති අමීර් හතාමි අවධාරණය කරයි.
IRNA පුවත් සේවය උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම ප්‍රහාරය කිසිසේත්ම පිළිතුරක් නොමැතිව අත්හැර නොදමන බවයි.
හමුදා අභ්‍යාසයක් නිමවා සාමකාමී මෙහෙයුමක නිරතව යළි ඉරානය බලා පැමිණෙමින් සිටියදී මෙම නෞකාව ප්‍රහාරයට ලක්ව ඇති බව හමුදාපතිවරයා පෙන්වා දෙයි.
“Dena නෞකාවේ කාර්ය මණ්ඩලය සිය සාමකාමී මෙහෙයුම අවසන් කර යළි දිවයිනට පැමිණෙමින් සිටියා. ඔවුන් කිසිදු සෘජු යුද ගැටුමකට සම්බන්ධ වී නොසිටි අවස්ථාවක මෙලෙස ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.
ජීවිතක්ෂයට පත් වූ නාවික භටයින්ට උපහාර දක්වමින් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලය කළ කැපකිරීම ඉරාන නාවික ඉතිහාසයේ සදාකාලික ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බවයි.
මෙම සිදුවීමෙන් පසු ඉරානයේ මුහුදු සීමා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරන බවත්, නාවික බලය වැඩි දියුණු කිරීමට දැඩි පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

World News

Send your contact Details Today