Latest News

මැයි 25 තෙක් උෂ්ණාධික කාලගුණය – දිස්ත්‍රික්ක රැසකට අවධානම් තත්ත්වයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වැනිදා තෙක් පැවතිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
එම තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දැඩි අව් රශ්මිය මධ්‍යයේ ක්‍රීඩා කටයුතු සිදු නොකරන ලෙසයි.
මෙරටට බලපෑ ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව ද සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර පළාත, සබරගමුව පළාත, දකුණු පළාත සහ වයඹ පළාත සමඟ මොනරාගල දිස්ත්‍රික්කය හා මන්නාරම දිස්ත්‍රික්කය යන ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ළඟා වී ඇත.
උණුසුම් දර්ශකයට අනුව එම අගය 45 ඉක්මවී “වැඩි අවධානයක් අවශ්‍ය” මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today