Latest News

ඉන්දු-පැසිෆික් ආරක්ෂාවට ශ්‍රී ලංකා වරාය හා ගුවන් සේවා සහයෝගීතාව ඉහළට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ වරාය හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍ර සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එක්සත් ජනපදය සාකච්ඡා කර තිබෙනවා. ඒ, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සමඟ පැවති හමුවකදීයි.
මෙරට වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගොඩනැගීම සඳහා අමාත්‍යවරයා හමුවීමට ලැබීම අගය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු භාර කාර්යාංශය නිවේදනය කර තිබෙනවා.
එම කාර්යාංශය සඳහන් කරන්නේ, මෙම ක්ෂේත්‍රවල වැදගත් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම මඟින් වෙළඳාම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට හැකි වන අතර, ඉන්දු-පැසිෆික් කලාපය වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර කලාපයක් බවට පත් කිරීමට ද මෙය උපකාරී වනු ඇති බවයි.

World News

Send your contact Details Today