Latest News

කපිල චන්ද්‍රසේන නඩුවේ මෝසම 19ට කල් යයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, ඊයේ දිනයේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර නීතිඥවරයා නොමැති අවස්ථාවක සැකකරු වෙනත් කාමරයකට රැගෙන ගොස් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.
එහිදී අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් දේශපාලකයන්ගේ නම් සඳහන් කරන ලෙස සැකකරුට බලපෑම් කළ බවත්, එම හේතුවෙන් ප්‍රකාශයට ඇතැම් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමට සිදුවූ බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.
මෙම කරුණු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට අවසර දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා, නඩුව ලබන 19 වනදා කැඳවන අවස්ථාවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නීතිඥවරයාට දැනුම් දුන්නා.

World News

Send your contact Details Today