Latest News

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව වැඩසටහන අරඹයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා ආයෝජනය කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ උසස් පෙළ විභාගයෙන් ඉහළින් සමත් වූ සිසුන්ට ලෝකයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි හැදෑරීමට අවස්ථාව ලබාදෙන විදෙස් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට අද (13) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී එක්වෙමින්.
මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 4001ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර 2025 සිට 2033 දක්වා කාලය තුළ සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.
2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 32 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලෝකයේ ඉහළ ශ්‍රේණිගත විශ්වවිද්‍යාලවලට මේ වන විටත් ඇතුළත් වී තිබෙනවා.
මෙම ශිෂ්‍යත්ව සඳහා තෝරාගන්නා සිසුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 500 අතරට අයත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බවත්, එක් සිසුවෙකුට වසරකට උපරිම රුපියල් මිලියන 20ක් දක්වා, වසර 4ක කාලය සඳහා රුපියල් මිලියන 80ක් දක්වා මුදල් වෙන් කෙරෙන බවත් සඳහන්.
මෙය රටේ ඉදිරි දැක්ම වෙනස් කරන දිගුකාලීන ආයෝජනයක් බවත්, මෙම ශිෂ්‍යත්වලාභීන් අනාගතයේ රටේ සමාජ පරිවර්තනයට නායකත්වය දෙන පිරිසක් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

World News

Send your contact Details Today