Latest News

ගල්ෆ් රටවල් ගෑස් අපනයනය සීමා කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



කලාපය පුරා පවතින යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් කටාර්, බහරේන් සහ කුවේට් ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සිය ගෑස් අපනයනය සම්බන්ධයෙන් බලපෑම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කලාපයේ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි.
විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා ගමනාගමනයට ඇති බාධා ගෑස් සහ තෙල් ප්‍රවාහනයට සෘජුවම බලපා තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ කටාර් බලශක්ති සමාගම මාර්තු 02 වැනිදා ගෑස් ද්‍රවීකරණ කටයුතු නතර කරමින් නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව සඳහන්. ඉන්පසුව කුවේට් පෙට්‍රෝලියම් ආයතනය සහ බහරේන් බලශක්ති ආයතනය ද සිය අපනයන කටයුතු සීමා කර තිබෙනවා.
මෙම අර්බුදය හමුවේ ඉන්දියාව ද සිය බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි පියවර ගනිමින් පවතින අතර, පවතින ගෑස් තොග ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා පමණක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ගෝලීය තෙල් සහ ගෑස් වෙළෙඳපොළට ඉදිරියේදී තවදුරටත් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.

World News

Send your contact Details Today