Latest News

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව ජූලි 10ට කල් දමයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව, හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50,000 ක වන්දියක් ලබාගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව ලබන ජූලි 10 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කළා.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහි පළමු සැකකරු වන හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ හානි පූර්ණ කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු සහ හිටපු මහවැලි අධ්‍යක්ෂවරයෙකු වන කීර්ති බී. කොටගල ද අද අධිකරණයේ පෙනී සිටියා.

World News

Send your contact Details Today