Latest News

එපික් ෆියුරි’ මෙහෙයුම: ඉරානයේ ඉලක්ක 6,000කට අමෙරිකානු ප්‍රහාර

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඉරානයට එරෙහිව අමෙරිකාව ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රහාර හේතුවෙන් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් හා යාත්‍රා 30ක් පමණ හානි වී හෝ විනාශ වී ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
තවද, ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන සහ බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් පහසුකම් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ද මෙම ප්‍රහාරවල ඉලක්ක අතර ඇතුළත් වූ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

World News

Send your contact Details Today