ලෝක වෙළඳපොළේ ඉහළ යන ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ඉතාලිය සිය උපායමාර්ගික සංචිතවලින් තෙල් බැරල් මිලියන 9ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) ගෙන ඇති සාමූහික තීරණයට සහය දක්වමින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉතාලි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම තෙල් තොගය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෝලීය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඊයේ (11) ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට නිර්දේශ කර ඇති අතර, එය එම ඒජන්සියේ ඉතිහාසයේ විශාලතම සාමූහික තෙල් මුදා හැරීම ලෙස සැලකෙනවා.
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින යුධ තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට ඇතිවී ඇති බලපෑම පාලනය කරමින් බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණ බව සඳහන්.