Latest News

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


2020 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ භාරයේ සිටියදී, මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මාකඳුරේ මධුෂ් ඝාතනය කර තිබුණා.
පොලිසිය සඳහන් කළේ, එදින මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහුව එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි.
මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයෙකු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයා විසින් එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බව සඳහන්.
ඊට අදාළ කරුණු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත්, මාධ්‍ය ආයතනවලින් එම ඝාතනයට අදාළ දර්ශන ලබා ගැනීමටත් නියෝග කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today