කෙසේ වෙතත්, සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ඉරානයේ ජාතික අයිතිවාසිකම් සහ ස්වෛරීභාවය සම්පූර්ණයෙන් පිළිගැනීම, අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය සහ ආර්ථික පාඩු සඳහා සුදුසු වන්දි ලබා දීම, මෙන්ම අනාගතයේදී මෙවැනි ආක්‍රමණශීලී ප්‍රහාර නැවත සිදු නොවන බවට ශක්තිමත් ජාත්‍යන්තර නීතිමය සහතික ලබා දීම එම කොන්දේසි ලෙස සඳහන් කර තිබෙනවා.
එමෙන්ම බටහිර රටවල් සහ ඊශ්‍රායලය කෙරෙහි තමන්ට විශ්වාසයක් නොමැති බවද ඉරාන ජනාධිපතිවරයා එම සංවාදයේදී අවධාරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉතිහාසයේ කිසිදු රටකට එල්ල කළ ප්‍රහාරවලට වඩා දරුණු ලෙස තමන් ඉරානයට පහර දී ඇති බවයි. එමෙන්ම, යුද්ධය තවමත් අවසන් වී නොමැති බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා