Latest News

ඉන්දු – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


බටහිර ආසියානු කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජෙයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි අතර දුරකථන සංවාදයක් ඊයේ (10) පැවැත්වී තිබෙනවා.
බටහිර ආසියානු අර්බුදය ආරම්භ වීමෙන් පසු දෙපාර්ශවය අතර පැවැති තෙවන සාකච්ඡාව ලෙස මෙය සැලකෙන අතර, පවතින ගැටුමේ නවතම වර්ධනයන් පිළිබඳව එහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කර ඇති බව සුබ්‍රමනියම් ජෙයශංකර් සමාජ මාධ්‍ය සටහනක් මඟින් සඳහන් කර තිබුණා.
එමෙන්ම මෙම අර්බුදය සම්බන්ධයෙන් අඛණ්ඩව සම්බන්ධව සිටීමට දෙපාර්ශවය එකඟ වූ බවද ඔහු පවසා තිබෙනවා.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදු කළ යුද ප්‍රහාරයකින් Ali Khamenei ඝාතනය වී දින කිහිපයකට පසු, Mojtaba Khamenei ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමෙන් අනතුරුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැති පළමු දුරකථන සංවාදය ද මෙය වනවා.
එසේම මාර්තු 4 වනදා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු ප්‍රදේශයකදී ඇමෙරිකාව විසින් ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීම සම්බන්ධයෙන්ද මෙම සංවාදයේදී සාකච්ඡා වූයේද යන්න තහවුරු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today