Latest News

ගෑස් මිල ඉහළ යාමෙන් ආහාර මිලත් ඉහළට – අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


සමස්තලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා සහ අවන්හල්වල ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නංවන බවයි.
එම සංගමයේ සභාපති Harshana Rukshan සඳහන් කළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව නව මිල සංශෝධනය යටතේ,
තේ කෝප්පයක් රුපියල් 5කින්
කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්
කෙටි කෑම රුපියල් 10කින්
බත් සහ කොත්තු වැනි ආහාර රුපියල් 25කින්
මිල ඉහළ නංවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බොහෝ ආපනශාලා සහ අවන්හල්වල ක්‍රියාත්මක වීමට නියමිතයි.

World News

Send your contact Details Today