Latest News

ඉරාන ගැටුමෙන් අමෙරිකානු සෙබළුන් 150කට ආසන්න පිරිසක් තුවාල ලබයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය සමඟ පැවැත්වෙන යුද ගැටුම්වලදී අමෙරිකානු හමුදා සෙබළුන් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
මෙම මියගිය හෝ තුවාල ලැබූ සෙබළුන්ගේ සංඛ්‍යාව මීට පෙර නිල වශයෙන් හෙළිදරව් කර නොතිබූ බව ද එම වාර්තාව සඳහන් කරයි.
රොයිටර් වාර්තාව නිකුත් වීමට පෙර පෙන්ටගනය විසින් ප්‍රකාශ කර තිබුණේ අමෙරිකානු සෙබළුන් අට දෙනෙකු පමණක් බරපතල තුවාල ලබා ඇති බවයි.
නමුත් එම වාර්තාව ප්‍රකාශයට පත් වූ පසු පෙන්ටගනය නිකුත් කළ නව ප්‍රකාශයකින් සඳහන් කර ඇත්තේ තුවාල ලැබූ සෙබළුන්ගේ සංඛ්‍යාව 140ක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරයකගේ තුවාල සුළු මට්ටමේ බවයි. එමෙන්ම සටන් අතරතුර හමුදා භටයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බව ද පෙන්ටගනය පවසයි.
පෙන්ටගනයේ ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පර්නල් සඳහන් කර ඇත්තේ “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) යන මෙහෙයුම ආරම්භ වී ගත වූ දින 10 තුළ සිදු වූ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් මෙම තුවාල සිදුව ඇති බවයි.
තුවාල ලැබූ සෙබළුන්ගෙන් 108 දෙනෙකු මේ වන විට නැවත සේවයට එක්ව ඇති අතර බරපතල තුවාල ලැබූ අට දෙනා සඳහා උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම තුවාල අතර පිපිරීම්වලට නිරාවරණය වීමෙන් ඇතිවන “මොළයට සිදුවන කම්පන තුවාල” (Traumatic Brain Injuries) ඇතුළත්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු කර නොමැති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

World News

Send your contact Details Today