Latest News

බලශක්ති අර්බුදයට මුහුණ දීමට තායිලන්තයේ රාජ්‍ය සේවකයන්ට අද සිට Work From Home

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති හිඟයට මුහුණ දීම සඳහා තායිලන්ත රජය දැඩි බලශක්ති ඉතිරි කිරීමේ පියවර රැසක් හඳුන්වා දී තිබේ.
එරට අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල්ගේ උපදෙස් අනුව රාජ්‍ය නිලධාරීන්ට විදේශ සංචාර අත්හිටුවීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම සහ නිවසේ සිට රාජකාරි කිරීම (Work From Home) වැනි පියවර ක්‍රියාත්මක කර ඇත.
අද (10) සිට අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු නිලධාරීන් හැර අනෙකුත් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරීමට නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්ත බලශක්ති අමාත්‍යවරයා අනුව එරට සතුව මේ වනවිට පවතින්නේ දින 95ක් පමණට සරිලන බලශක්ති සංචිතයක් පමණි.
එමෙන්ම තායිලන්තයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 68ක් පමණ සපුරා ගන්නේ ස්වභාවික වායුවෙන් වන අතර, එහි සැලකිය යුතු කොටසක් මියන්මාරයෙන් ආනයනය කරනු ලබයි.
පවතින තත්ත්වය හමුවේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් LNG වායුව ලබා ගැනීමට තායිලන්තය උත්සාහ කරමින් සිටින බව සඳහන් වේ.
තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් වෙළෙඳසැල් සහ සිනමාහල්වල දැන්වීම් පුවරු ආලෝකය අඩු කිරීම සහ රාත්‍රී 10ට පිරවුම්හල් වසා දැමීම වැනි නව නීති හඳුන්වා දීමටද රජය සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.
එමෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කිරීම සහ රථ වාහන හවුලේ භාවිත කිරීම මඟින් ඉන්ධන ඉතිරි කිරීමට සහාය වන ලෙස තායිලන්ත රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

World News

Send your contact Details Today