Latest News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ප්‍රංශයෙන් නාවික බලඇණියක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එම්මානුවෙල් මැක්‍රොන් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙදවීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව ෆ්‍රිගේට් යාත්‍රා 8ක්, හෙලිකොප්ටර් වාහක නෞකා 2ක් සහ ප්‍රංශයේ ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Charles de Gaulle ගගුවන්යානා ප්‍රවාහන නෞකාවද එම මෙහෙයුම සඳහා යෙදවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මෙම යාත්‍රා සංඛ්‍යාව සමස්ත Royal Navy නාවික බලඇණියටත් වඩා වැඩි සංඛ්‍යාවක් වන බවද සඳහන්.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ආරක්ෂක තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු වන ජාත්‍යන්තර තෙල් ප්‍රවාහනය සහ වෙළෙඳ ගමනාගමනය ආරක්ෂා කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ ලෙස සැලකෙනවා.

World News

Send your contact Details Today