Latest News

කොළඹ කොටස් වෙළෙඳපොල අද පහළට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොටස් වෙළදපොළෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (09) දිනයේදී ඒකක 797.77කින් පහළ ගොස් 21,904.14ක් ලෙස සටහන් වී තිබෙනවා.
අද වෙළෙඳ කටයුතු අතරතුර කොටස් වෙළෙඳපොලේ විශාල පීඩනයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් දර්ශකයේ දැඩි පහත වැටීමක් වාර්තා වූ බව වෙළෙඳපොල දත්ත පෙන්වා දෙනවා.
මේ අතර අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොලේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 5.8ක් ලෙස වාර්තා වී තිබෙනවා.
වෙළෙඳපොල විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ආයෝජකයන්ගේ විකිණීම් පීඩනය වැඩි වීමත් සමඟ අද දිනයේ වෙළෙඳපොල පහළට ගමන් කළ බවයි.
අද දින වෙළෙඳපොලේ වැඩි අවධානයක් හිමිවූ කොටස් අතර බැංකු සහ ප්‍රධාන සමාගම් කොටස් කිහිපයක්ද ඇතුළත් වූ බව වාර්තා වේ

World News

Send your contact Details Today