ඉස්මයිල් බගායි පවසන්නේ ඉරාන ජනතාව තම මව්බිම ආරක්ෂා කර ගැනීම සඳහා උපරිමයෙන් සූදානම්ව සිටින බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ටෙහෙරාන් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාධ්‍ය හමුව පිළිබඳව Al Jazeera පුවත් සේවයද වාර්තා කර තිබෙනවා.
එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව බලපෑම් එල්ල කිරීමට සැලසුම් කරන බවට කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ඒවා විවේචනය කළා.
ඉරානයේ අනාගතය තීරණය කරනු ලබන්නේ එරට ජනතාවගේ අභිමතය අනුව පමණක් බවද ඔහු අවධාරණය කළා.
ඇමරිකානු බලපෑම්වලට යටත් නොවන බව පෙන්වා දෙමින් ඕනෑම තර්ජනයක් හමුවේ තම රට ආරක්ෂා කිරීමට ඉරාන ජනතාව සම්පූර්ණ සූදානමකින් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.