Latest News

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයි – සේවක අයිතිවාසිකම් අඩු නොවන බවට බලශක්ති අමාත්‍යවරයාගේ සහතිකය

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් නව ලෙස පිහිටුවන ලද ආයතනවල අධ්‍යක්ෂවරුන් සහ ඉහළ නිලධාරීන් අමතමින් බලශක්ති අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා. එමෙන්ම නව ආයතනවල සේවකයින් ද සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මෙම අදහස් දැක්වීම සිදු කර ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ පෙර රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 12කට බෙදා පුද්ගලීකරණය කිරීමට ගත් උත්සාහ ආපසු හරවා සියයට සියයක්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවමින් විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ බවයි. එමඟින් වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට හැකි පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කළ බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවකයන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද කිසිදු ආකාරයකින් අඩු නොවන බවට රජය වගකීමෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා. සේවකයින් ලෙස පෙර භුක්ති විඳි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද නව ආයතන තුළද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත්, විදුලිබල මණ්ඩල සේවකයින් ඉදිරිපත් කර තිබූ බොහෝ ඉල්ලීම් ඉටු කිරීමටද කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කළා.
විදුලිබල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ද විටින්විට සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කටයුතු කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තවද විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගන්නා මෙම වැදගත් පියවර ජාතික කර්තව්‍යයක් ලෙස සලකා නව ආයතන තුළ ලැබෙන අවස්ථා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා සේවකයින්ට ආරාධනා කළා.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට දායක වූ සියලු පාර්ශ්වයන්ටද අමාත්‍යවරයා ස්තූතිය පළ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සනිටුහන් කරමින් මෙම ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කළ බව ද අමාත්‍යවරයා අවධාරණය කළා. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන සිහිනය සැබෑ කර ගැනීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළා.

World News

Send your contact Details Today