ඉරානයට එරෙහිව සිදුකරන යුද මෙහෙයුම් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරු අඛණ්ඩව පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව බව පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙවැනි යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී එහි අවසානය හෝ සීමාවන් සම්බන්ධයෙන් සතුරු පාර්ශවයට හෝ පොදු ජනතාවට පෙරදැනුම් දීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
තවද ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව මෙම සටන ඉදිරියට ගෙන යන බවත්, අමෙරිකාව සමඟ සටන් කිරීමේ හැකියාව නොමැති බව ඉරානයට අවබෝධ වූ විට එය යටත් වීමට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.