Latest News

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයකට

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය මැනිලා නුවර නිල සංචාරයක් සඳහා මාර්තු 8 වැනිදා මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනයකට අනුව සිදු කරන මෙම සංචාරයේදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇය නියමිතයි.
අග්‍රාමාත්‍යවරිය Ninoy Aquino International Airport වෙත පැමිණි අවස්ථාවේදී පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති චානක තල්පහේවා ඇතුළු පිලිපීන රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් ඇය පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතයි.
එමෙන්ම කාන්තා දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණින් පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද ඇය නියමිත බව සඳහන්.

World News

Send your contact Details Today