මැදපෙරදිග කලාපයේ ඉරානය සම්බන්ධ කරගෙන උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එම තත්ත්වය නිසා සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 සිට 15 දක්වා ආදායම් පාඩුවක් සිදුවෙමින් පවතින බව ද ඔවුන් පෙන්වා දෙයි.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නාවික ප්‍රවාහන කටයුතු අඩාල වී ඇති අතර යුද අවදානම ඉහළ යාමත් සමඟ එම කලාපයේ රටවල් කිහිපයකට ශ්‍රී ලංකා තේ සැපයීම දැඩි ලෙස සීමා වී ඇති බව ද සඳහන් වේ.
මෙම තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායමටද සැලකිය යුතු අහිතකර බලපෑමක් එල්ල විය හැකි බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් සම්භාව්‍යයෙන් 48% කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගන්නේ මැදපෙරදිග රටවල් විසින්ය. වාර්ෂිකව තේ අපනයනයෙන් ලැබෙන ඩොලර් බිලියන 1.5ක ආදායමෙන් ඩොලර් මිලියන 530ක් පමණ මෙම කලාපයෙන් ලැබෙන බව ද දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා තේ අපනයනයෙන් 31%ක් ඩුබායි වෙතත්, 18%ක් සෞදි අරාබිය වෙතත්, 12%ක් ඉරානය වෙතත් යවනු ලබන බවද සඳහන්.