Latest News

යුද හඬ නතර කර සාමය සඳහා මඟ හරින්න – ලියෝ පාප් වහන්සේ

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

XIV ලියෝ පාප්වහන්සේ ඉරානයේ පවතින යුදමය තත්ත්වය වහාම අවසන් කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලෙබනනය ඇතුළු සමස්ත Middle East කලාපයම අස්ථාවර තත්ත්වයකට පත්විය හැකි බවට උන්වහන්සේ අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Angelus යාඥාවෙන් පසු බැතිමතුන් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ “දැඩි කම්පනයක්” ඇති කර ඇති බවයි.
“වෛරය සහ බිය ව්‍යාප්ත වන මෙවන් වටපිටාවක මෙම ගැටුම තවදුරටත් පැතිර යාමෙන් ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවර විය හැකි බවට බියක් පවතිනවා,” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රචණ්ඩත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර එය නතර කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ට සදාචාරාත්මක වගකීමක් ඇති බවද උන්වහන්සේ අවධාරණය කළා.
“බෝම්බවල බියංකාර හඬ නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා,” යනුවෙන්ද පාප් වහන්සේ සඳහන් කළ බව වාර්තා වෙයි.
මේ අතර අලි කමේනි ඝාතනයෙන් පසු ඇති වූ තත්ත්වය පිළිබඳවද අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, සාමය ඇති කළ හැක්කේ අන්‍යෝන්‍ය තර්ජන මගින් නොව අවංක සහ වගකිවයුතු සංවාද මගින් පමණක් බවයි.

World News

Send your contact Details Today