මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සිවිල් ජනතාවට සහ එහි ස්ථානගත කර ඇති ඇමෙරිකානු හමුදා භටයින්ට සහාය ලබා දීම සඳහා විශේෂඥ කණ්ඩායම් යොමු කිරීමට යුක්‍රේනය සැලසුම් කර ඇති බව විලදිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදය හමුවේ සිවිල් වැසියන් සහ ඇමරිකානු හමුදා භටයින්ට උපකාර කිරීම සම්බන්ධයෙන් තමන් වෙත ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බවයි.
“ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමටත්, අපගේ විශේෂඥයින් එම ප්‍රදේශයට යොමු කිරීමටත් අප එකඟ වූවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඉකුත් සතිය පුරාවටම ඇමෙරිකානු පාර්ශ්වයන් විසින් ඉරානය නිෂ්පාදනය කරන අවි ආයුධ සම්බන්ධයෙන් පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා යුක්‍රේනයෙන් උපදේශන සහාය ලබාගෙන ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.