අහෝසි කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ආයතන 6 අතරින් ආයතන 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කර තිබේ.
ඒ අනුව, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පුද්ගලික සමාගමට ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගමට ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න, සහ ජාතික සම්ප්‍රේෂණ පද්ධති සේවා සැපයුම් පුද්ගලික සමාගමට ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ යන මහත්වරුන් පත් කර ඇති බව වාර්තා වේ.
මෙම පත්කිරීම් විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස සිදු කර ඇති බව සඳහන් වේ.