ඉරානයට එරෙහිව සිදුකරන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින් දහස් ගණනක විරෝධතාකරුවන් පිරිසක් ලන්ඩන් නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත පා ගමනකින් ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම විරෝධතාවයට එක්වූ බොහෝ දෙනා අමෙරිකානු ජනාධිපති Donald Trump විවේචනය කරමින් සටන් පාඨ හඬගාමින් සහ විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය පළ කරන බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම විරෝධතා සංවිධායකයින් අවධාරණය කරන්නේ, මෙය ඉරානයේ පාලන තන්ත්‍රයට සහය දැක්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ක්‍රියාකාරකමක් නොවන බවයි.
ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යපෙරදිග කලාපයේ සිදුවන යුදමය ප්‍රහාරවලට සහ ආතති තත්ත්වයන්ට විරෝධය පළ කිරීම බවද වාර්තා වේ.