Latest News

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන වැඩි අවධානයෙන් සිටින ලෙස තානාපති කාර්යාලයෙන් උපදෙස්

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සිය ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායලයට එල්ල කරන මිසයිල ප්‍රහාර සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බවයි.
ඒ අනුව හයිෆා, නගරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, කර්මෙල් කඳුවැටිය, නාසරෙත් සහ තිබරියා ඇතුළු උතුරු ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්, ලෙබනනය දෙසින් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව මෙන්ම රට තුළම ඇතිවිය හැකි ප්‍රකෝපකාරී සිදුවීම් පිළිබඳවද අවධානයෙන් සිටිය යුතු බව තානාපතිවරයා පෙන්වා දෙයි.
උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් 9000 කට වැඩි පිරිසක් සේවය කරන බවද සඳහන් වේ. එබැවින් එරට ආරක්ෂක හමුදාව, රජයේ මාධ්‍ය සහ PIBA ආයතනය මෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබාදෙන උපදෙස් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් කටයුතු කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ ගිලන් රථ සේවාව නොමිලේ ලබාගත හැකි අතර, තමන් සිටින ස්ථානයේ තොරතුරු සමඟ 101 දුරකථන අංකයට ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකි බවද සඳහන් කර ඇත.
තවද අවශ්‍ය උපදෙස් සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ WhatsApp අංකය 00972 559 305 731 සතියේ දින හතම සම්බන්ධ කරගත හැකි බවද එම කාර්යාලය දැනුම් දී තිබේ.

World News

Send your contact Details Today