Latest News

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, මෙරට රඳවාගෙන සිටින ඉරාන නාවික කාර්ය මණ්ඩලය නැවත ඉරානයට යැවීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාව අනුව, ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයින් නැවත ඉරානයට භාර නොදෙන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රඳවා සිටින මෙම නාවිකයින් ප්‍රචාරක අරමුණු සඳහා භාවිත කිරීමට ඉරානය උත්සාහ කරනු ඇති බැවින් එවැනි කටයුතු අවම කිරීමට පියවර ගත යුතු බවට අමෙරිකාව අවධාරණය කර ඇති බවයි.
පසුගිය බදාදා (04) ගාල්ලට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දැමූ බව වාර්තා වෙයි.
එම සිදුවීමෙන් නාවිකයන් ගණනාවක් මියගොස් ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ජීවිත බේරාගත් නාවිකයින් 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය. අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today