එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ග මධ්‍යපෙරදිග කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු හමුදාව විසින් සිදු කළ හැකි ගොඩබිම් ආක්‍රමණයකට තම රට සූදානම්ව සිටින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,ඇමෙරිකාව සමඟ කිසිදු ආකාරයේ සාකච්ඡාවකට එළඹීමට තම රට සූදානම් නොවන බවයි.
තවද, ඉරානය කිසිවිටෙකත් සටන් විරාමයක් ඉල්ලා නොසිටින බවද ඔහු අවධාරණය කර ඇති අතර, රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.