එක්සත් ජනපදය විසින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ, එම ඉවත් කිරීමේ ක්‍රියාවලිය ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම තානාපති කාර්යාලයේ තිබෙන රහස්‍ය තොරතුරු විනාශ කිරීමත්, දත්ත පද්ධති (Servers) මකා දැමීමත් සඳහා එහි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල ප්‍රහාරයක් එරට හමුදාව විසින් මැඩපැවැත්වූ බව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර ඇති බවද වාර්තා වේ.